සුවවු ආසාදිතයින් ගණන 10000 ඉක්මවයි


කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඉන් වැඩිම පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 91 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සෙසු ආසාදිතයින් පිරිස අනුරාධපුර, ඉරණවිල, මුල්ලේරියාව, වැලිකන්ද, ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 33 කින් සුවය ලබා පිටව ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 10,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles