සුරාබදු සමාගම් 16කින් රු. කෝටි 1105 ක අදායමක්


සුරාබදු බලපත්‍ර හිමි  මත්පැන්  නිෂ්පාදන  සමාගම් 16කින්  හිග සුරාබදු මුදල් හා  එදිනට හිග බදුමත ගණනය කරණු ලැබු අධිභාර මුදල් වශයෙන් රුපියල්  එක්දහස්එකසියපන්කෝටි,හැටතුන්ලක්ෂ,තිස්පන්දහස්,හයසිය,විසිදෙකක මුදලක් (11,056,335,622)  ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 31 දින වනවිට අයවිමට තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි  ඇත.

මෙකි මත්පැන් සමාගම  වෙතින්  හිග සුරාබදු මුදල් වශයෙන්  අයවිමට ඇති බදු මුදල රුපියල්  හාරසියඅසුතුන්කෝටි, අනුපන්ලක්ෂ, හැත්තැහයදහස්එකසියඅටකි. (4,839,576,108)  එදිනට හිග බදු මුදල් මත අයවිය යුතු අධිභාර මුදල රුපියල් හයසියවිස්එක්කොටි, හැටහත්ලක්ෂ, පනස්නමදහස්, පන්සියදාහතරකි. (6,216,759,514)  සුරාබදු නිෂ්පාදන බලපත්‍ර යටතේ මත්පැන් නිෂ්පාදනය කොට බෙදාහරිනු ලබන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස්  සමාගම විසින්  මහජනතාවගෙන් අයකරගෙන එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත  ප්‍රේෂණය නොකළ බදු මුදල රුපියල් තුන්සියවිසිඅටකෝටි, විසිනමලක්ෂ,හතලිස්එක්දහස්අසුඅටක්  බවද විගණන වාර්තාවේ සදහන් වේ. (3,282,941,088)  අධිභාර මුදල රුපියල්  තුන්සියහැත්තැඅටකෝටි,අසුලක්ෂ,තිස්හතරදහස්,හත්සියපනස්පහකි. (3,788,034,755) 

 වයඹ ඩිස්ටලරිස්  සමාගම විසින් 2004 හා 2005 වර්ෂයන් තුල සිදුකළ මත්පැන් නිෂ්පාදනයන් සදහා හිග සුරාබදු මුදල් හා  අධිභාරය ලෙස රුපියල්හැටහතරකෝටි, හැත්තෑහතරලක්ෂ,හාරදහස්තුන්සියතිස්තුනක (647,404,303)  මුදලක් අයවිමට  ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම පින්ලන්ඩ් සමාගම  විසින් රුපියල් පන්සියදාහත්කෝටි,හත්ලක්ෂ,හැත්තැපන්දහස්,හයසියපනස්පහක (517,775,655)  හිගසුරාබදු මුදල් හා අධිභාර මුදල් ගෙවිම පැහැර හැර ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.  සුරාබදු දෙපාර්තමේන්තුවේ  2025 වර්ෂයට අදාළව ඇතුළත්කොට ඇති කාර්යසාධන වාර්තාවට  ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 
 


Recommended Articles