සුරකිමු ගංගා වැඩසටහනින් සියලු දිස්ත්‍රික්කවලට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරේ


සුරකිමු ගංගා වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක විසිපහටම මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ මෙරට පිහිටි ගංගා 103 ම සංරක්ෂණය කිරීම රජයේ අරමුණයි.

ජලය පිරිසිදු කිරීම,  ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය මෙන්ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වැඩපිළිවෙළේ අරමුණයි. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබද විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

දිස්ත්‍රික්ක විසිපහේම ම දිස්ත්‍රික් ලේකම්වරුන් යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබදව මෙහිදී කරුණු පැහැදිලි කළා.

ව්‍යාපෘතිය සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 200 ක්.

 

 



Recommended Articles