සුරක්ෂා රක්ෂණය අඛණ්ඩව


රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්,  සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත් අදාල කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය යොමු කළ යුතුය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ, දුරකථන අංක 0112784163, 0112784872 ට හෝ  0113641555 මගින් ලබාගත හැකිය.



Recommended Articles