සුනඛයින් එන්නත් කිරිමේ නියමු ව්‍යාපෘතියක් ඉමදුව, අක්මිමණ හා බෝපේ පෝද්දල යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ පදනම්කරගෙන ක්‍රියාත්මක කිරිමට සැලසුම්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටු රැස්විමේ දි අනාවරණය විය.
ජලභිතිකා රෝගය වැළැක්විම සහ සුනඛයින් එන්නත් කිරිමේ කටයුතු සියයට 80 දක්වා වැඩිකිරිමේ අරමුණින් මෙකි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට තින්දුකරණු ලැබිය. මෙකි නියමු ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සුනඛයින් එන්නත් කිරිමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිමටත් සුනඛ සංගණනයක් පැවැත්විමටත් සැලසුම්කොට ඇත.
එමෙන්ම සුනඛයින් එන්නත් කිරිමේ කාර්යයන් සදහා පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගැනිමට මෙන්ම එම ආයතනවල සේවකයින් දෙදෙනෙකු විධිමත් ලෙස පුහුණුකර අදාළ කටයුතු සදහා යෙදවිමට තින්දුකොට ඇත. මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමෙන් පසු දිස්ත්‍රික්කය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම්කොට ඇති අතර මේ සදහා ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ අනුමැතිය හිමිවි ඇත

