සුදු ලූණු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට


සතොස ආයතනයේ සුදු ලූණු වංචාවට සම්බන්ධව එම සුදු ලූනු මිලදී ගත් ව්‍යාපාරිකයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

56 හැවැරිදි මෙම සැකකරු බම්බලපිටියේදි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට දිනයේදී වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපාරිකයා මිලදි ගත් මුදලට වඩා වැඩි මුදලකට යළිත් එම සුදුලූණු කන්ටේනර් දෙක සතොසට අලෙවි කර තිබේ.



Recommended Articles