සීවින් සමාගම ශ්‍රී ලංකාවට නඩු දමයි


චීනයේ සිට කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවූ චින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇති බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. 

ඩොලර් මිලියන 49.3ක ගනුදෙනුවක් වන මෙම කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකාව එම පොහොර තොගය ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබේ.

එම නෞකාව මේ වන විට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබෙන අතර එය සිංගප්පූරුවට පැමිණි විට සිංගප්පූරුවේදී ජාත්‍යන්තර බේරුම්කරණය සඳහා නඩුවක් පැවැරීමට සීවින් සමාගම තීරණය කර තිබේ.

මෙම පොහොර තොගය සම්බන්ධයෙන් වන නඩුවක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක අතර චින්ඩාවෝ සමාගම තම කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාවේන් ඉල්ලා තිබේ.

 

 



Recommended Articles