සීවින් සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව FAO වෙත පැමිණිලි කිරීමට යයි


ශ්‍රී ලංකාව විසින් සිය කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව චීනයේ චින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

එම සමාගමේ පොහොරවල හානිකර බැක්ටීරියා ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකාව විසින් මේ වන විට එම පොහොර තොගය ශ්‍රි ලංකාවට ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් අදාළ පොහොර තොගය රැගත් නැව මේ වන විටත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ නැංගුරම් ලා තිබේ.  ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතන විසින් නිවැරදි නොවන පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරිම මගින් තම සමාගමේ කීර්තිනාමයට හානියක් වී ඇති බවද එම සමාගම ඩේලි මිරර් වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

එසේම මේ වන විටත් තමන්ට සිදුවු කිර්තිනාම හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලමින් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්. වික්‍රමාරච්චි මහතාවෙත එන්තරවාසියක්ද යොමුකර තිබේ.

 



Recommended Articles