සීයා හා නිවුන් මුණුපුරන් දෙදෙනා දියේ ගිලි අතුරුදන්


කොස්ගොඩ දූවේමෝදර ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සියා හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙක් අද (10දා) පස්වරුවේ අතුරුදහන්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

අතුරුදහන් නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සය හැවිරිදි බවත් ඔවුන්ගේ සීයා හැට දෙහැවිරිදි බවත් පොලීසිය කියයි. ඔවුන් තිදෙනාම කොස්ගොඩ පදිංචිකරුවන් බවද පොලිසීය කියයි.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

 



Recommended Articles