සීපීටීඑස්එල් සේවකයන්ට රු 50000ක අත්තිකාරමක් දෙන්නේ නෑ


සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විසින් ප්‍රකාශ කර ඇති පරිදි සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටනල්ස් ආයතනය විසින් පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් රුපියල් 50,000.00 ක අතිකාරම් මුදලක් සේවකයන්ට ලබාදීමට කිසිදු සූදානමක් නොමැතිති බව එම ආයතනය දන්වා සිටී.

ආයතනය අවධාරණය කරන්නේ එවැනි තීරණයක් පාලන අධිකාරිය විසින් ගෙන නොමැති බවයි.

එසේම එම සභාපති , කළමනාකාර අධ්‍යක්ෂ හෝ විධායක අධ්‍යක්ෂ විසින් රු.50,000.00 ක අත්තිකාරමක් හෝ කිසිදු ප්‍රසාද දීමනා මුදලක් ලබාගෙන නොමැති බව ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විසින් තහවුරු කර ඇති බවද ආයතනය වැඩිදුරටත් දන්වා සිටී.

 



Recommended Articles