සීදුව - කොටුගොඩ මාර්ගයේ යතුරු පැදියකින් පැමිණ මාර්ගය අසළ නවතා තිබූ යතුරු පැදි කරුවෙකුට යතුරු පැදියකින් පැමිණි තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.