සීත සෘතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස එයි


යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට  සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින්, ප්‍රථම  ගුවන් යානය  11/03 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩි පුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක් විය.

මොවුන් 11/03 දින උදෑසන 07.45 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ඊ.එන්.ටී.- 1561 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙසේ  ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරටය .

 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතය .

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය , පොළොන්නරුව , සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන , ආරුගම් බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතය .           

  



Recommended Articles