සීගිරිය ලෝක උරුම පුදබිමේ කැටපත් පවුරේ,එහි ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම ඉංග්‍රිසි අකුරින් සටහන් කළ 21 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන ඇත.
අවිස්සාවේල්ල ගැටහත්ත ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය, මිතුරු මිතුරියන් පිරිසක් සමඟ සීගිරිය සංචාරයකට පැමිණ සිටියදී මෙම අභාග්‍ය සම්පන්න ක්‍රියාව සිදුකර ඇත. ඇය කැටපත් පවුරේ අගනා කාව්‍යමය ලියැවුම් වලට හානි කරමින් සිය නම ලියනවිට පුරාවිද්‍යා නිලධාරීන් මෙම කාන්තාව අල්ලාගෙන ඇති අත. මෙම ක්‍රියාව තුලින් කැටපත්පවුරට විශාල හානියක් සිදුවි ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, අත්ඩංඅගුවට කාන්තාව සීගිරිය පොලිස් ස්ථානයට බාරදිමෙන් පසු රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අතර, අද 15 දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිලිබදව සිගිරිය පොලිසිය මෙන්ම පුරාවිද්‍යා නිලධාරින් ද වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.
මෙම සිදුවීම, මෙවැනි ඓතිහාසික ස්ථානවල ආරක්ෂාව පිළිබඳව නැවතත් ප්‍රශ්න මතු කර ඇති අතර, සංචාරකයන්ගේ වගකීම් සහ දැනුවත්භාවය පිළිබඳවද අවධානය යොමු කරවයි.