සී.බී. රත්නායකට ඇප


මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ.

අද (16දා) අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී එලෙස නියෝග කර ඇත.

ඒ අනුව සැකකරු ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා  නියෝග කළ අතර, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබිණ. 



Recommended Articles