සි‍නෝවැක් එන්නත හදිසි භාවිතයට අනුමැතිය


චීනයේ සිනෝවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වා අනුමත කර ඇති සියලුම කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම අනුමැතිය ලබා දී තිබේ.

සිනෝවැක් එන්නතට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතද ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර එම එන්නත මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල පිරිසකට ලබාදී තිබේ.

 



Recommended Articles