සිසුවාගේ මරණයේ තොරතුරු වසන් කිරිම නිසා මිතුරන් තිදෙනා අත්අඩංගුවට


මිතුරන් තිදෙනකු සමග දිය නෑමට ගොස් දින තුනක් තිස්සේ අතුරුදහන් ව සිටි 15 හැවිරිදි පාසල් සිසුවාගේ මරණය ගැන තොරතුරු වසන් කිරිම සම්බන්ධව එම පාසල් සිසුන් තිදෙනා පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට  ගෙන තිබේ .                                       

පැල්මඩුල්ල බත්ගංගොඩ උඩුතුල ප්‍රදේශයේ අමුණක තිඹි ඊ‍යේ (28දා) මියගිය සිසුවාගේ සිරුර  සොයා ගෙන තිබේ.                            ක්‍රිකට් තරගයකයට යන බව නිවෙස්වලට පවසා මෙම සිසුන් නිවෙස්වලින් ගොස් ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි .                     

පැල්මඩුල්ල ප්‍රදේශයේ මහා විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මද්දුමගේ තිසර රුවන් නම් සිසුවෙකු මෙලෙස මිය ගිය අතර ඔහුගේ පශ්චාත් මරණ පරික්ෂණය  අද (29දා) රත්නපුර ශික්ෂණ රෝහලේදි පැවත්විමට නියම්තව තිබේ .                                         

මියගිය සිසුවා සමග ඔහුගේ පන්තියේ මිතුරන් තිදෙනා පැල්මඩුල්ල බත්ගංගොඩ උඩුතුල අමුණේ දිය නෑමට ගොස් ඇති බව පොලිසිය ප්‍රශ්න කිරිමේදි ඔවුන් පිළිගෙන තිබේ . මිතුරාට කුමක් සිදුවුයේදැයි නොදන්නා බව එම සිසුන් පැවසුවද ඔවුන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරිමේදි මිතුරාගේ අතුරුදහන් විම ගැන පණ්විඩ හුවමාරුකරගෙන තිබු බව පොලිසිය අණාවරණය කරගෙන තිබේ .                                                                                                                                                                                                        පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති ධම්මික බංඩාර මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ . 

රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා  



Recommended Articles