සිසුන් 70කට බඹර ප්‍රහාරයක්


ඇල්ල  පොලිස් වසමේ බල්ලකෙටුව සුගත විද්‍යාලයේ සිසුන් හැත්තෑ දෙනෙක් පමණ  අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ .

අසාධ්‍ය තත්වයේ පසුවන සිසුන් තිදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුලත් කෙරිණ.

තවත් සිසුන් පිරිසක් දෙමෝදර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

දවල් 11 ට පමණ ක්‍රීඩාපි‍ටියේ එල්ලේ ක්‍රීඩාවේ යෙදී සිටියදි  මෙම බඹර ප්‍රහාරය එල්ලවූ බව එම සිසුහු පැවැසූහ.



Recommended Articles