සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට හා අනිද්දා


සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023  කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ දකුණු  පළාතේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සුදුසුකම්ලත් සියළුම අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 14 සෙනසුරාදා හා  15 ඉරිදා යන දෙදින පෙ.ව. 8.30 සිට මාතර හා හම්බන්තොට හෙද විදුහලේවලදී පැවැත්වේ.

2026 වසර තුල පමණක්  මේ දක්වා  සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය හා  ජනමාධ්‍ය   අමාත්‍යාංශය විසින් සම්මුඛ පරීක්ෂණ  ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, මාතලේ මඩකලපුව, ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්කවල පවත්වා ඇත. ඉදිරියටත්  දිවයින පුරා දිස්ත්‍රික්කවලදී මෙම සම්මුඛ පරීක්ෂණ පැවත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.

ඉදිරි සම්මුඛ පරීක්ෂණ පිළිබඳව ඒ ඒ අවස්ථාවන්හිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.



Recommended Articles