සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි


හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තුන්වන සාක්ෂිකරු වශයෙන් නම් කර තිබෙන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපතිවරයා විසින් අද (15) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ට දැනුම්දී ඇත.

අදාළ නඩු විභාගය ජනවාරි මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.



Recommended Articles