සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලොකු පුටු පුරවයි


ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළක සිට පුරප්පාඩු වී පැවති උසස් තනතුරු කීපයක් සදහා , රජයේ අනුමත සේවකයින් බදවා ගැනීමේ පපටිපාටිය යටතේ , නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එම අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 02/26 දින පස්වරුවේ කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි .

එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( ඒකාබද්ධ කළමනාකරණ ) රමේෂා ද සිල්වා , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( ගුවන් නිරුපද්‍රිතතා රෙගුලාසි ) ලසන්ත දහනායක , අධ්‍යක්ෂ ( ගුවන් ආරක්ෂක ) ප්‍රදීප් වර්ණසූරිය සහ ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක ( ගුවන් යානා මෙහෙයුම් ) ෂෙහාන් වත්තේවැව යන මහත්ම මහත්මීන් සදහා  මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණි.

 



Recommended Articles