සිවිල් ගුවන්සේවා අධිකාරියේ රියදුරුවරයෙකුට කොවිඩ්


කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සේවය කරන රියැදුරුවරයෙකුට ඉකුත් 02/02 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

මෙම රියැදුරුවරයා කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ඔහුට මෙම වෛරසය ඔහුගේ නිවෙස් පරිසරයෙන් ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද උපුල් ධර්මදාස මහතා පැවසීය.

කාර්යාලය තුළ සේවය කරන  ඔහුගේ පළමු  ආශ්‍රිතයන් 45 දෙනෙකු ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කර ඇති බව ද , ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද සභාපතිවරයා පැවසීය.

එසේ ලැබෙන ප්‍රතිඵල මත අහඹු පී.සී.ආර්.පරීක්ෂණ කාර්යාල පරිශ්‍රයේ සිටින සේවකයින් ඇසුරෙන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට සූදානම් කර ඇති බව සභාපතිවරයා පැවසීය.



Recommended Articles