සිරිල් ගාමිණී පියතුමන් හෙටත් CID කැඳවයි


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.

පියතුමන් හෙට දිනයේද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාදීමට සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.



Recommended Articles