සිරි දළඳා වන්දනාවේ පෝලිම් කිලෝමීටර් පහ , හය ඉක්මවයි


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන සිරි දළඳා වන්දනාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් අද (23) ප්‍රධාන පිවිසුම් මාර්ග පිරී ගොස් තිබීණී. 

බැතිමතුන්ගේ පැමිණීමේ වර්ධනයක් තිබෙන බැවින් අද (23) දිනයේදී නොපැමිණෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියත් විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටියේය.

සිරි දළඳා වන්දනාවේ හයවන දිනය වන අද දිනයේ වෙන් කර තිබෙන පිවිසුම් මාර්ග තුනක කිලෝමිටර් ගණනක දුර දිවා රෑ, අව් වැසි නොබලා පෙළ ගැසී  සිටියහ. 

මෙහිදි ඩී.එස්. සේනානායක වීදිය දෙසින් ඇති මාර්ගයේ කටුගස්තොට නගරය ද පසුකර කිලෝමිටර් පහක පමණ දුරක් දක්වා බැතිමතුන් පෙළ ගැසී සිටියේය.

වැවරවුම ඔස්සේ සංඟරාජ මාවත දෙපසින් ඇති මාර්ග දේකට අදාළ පිවිසුම අම්පිටිය නගරය ද පසුකර ද දඹවෙල දක්වා කිලෝමිටර් හයක දුරක් දක්වා බැතිමතුන් රැඳි සිටියහ.

 



Recommended Articles