සිරි දළදා වන්දනාවේ කාලය පැයකින් දීර්ඝ කරයි


සිරි දළඳා වන්දනාව සිදුකරන කාලසීමාව පැයකින් දීර්ඝ කළ බව දළඳා මාළිගාව නිවේදනය කරයි.  ඒ් අනුව පෙ.ව. 11.00 සිට පස්වරු 5.30 දක්වා පැය හය හමාරක කාලයක් දළඳා වන්දනාව පැවැත්වීමට නියමිතය.

මීට පෙර මධ්‍යාහ්න 12.00 සිට පස්වරු 5.30 තෙක් දළඳා වන්දනාව පැවැත්විණ. සිරි දළඳා වන්දනාවට එක්වීම සඳහා මහනුවර නගරයට ඇදී එන විශාල ජනතාව පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බව දළඳා මා‍ළිගාව නිවේදනය කරයි.



Recommended Articles