සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව


දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ

ඒ අනුව එම සිරකරුවන්ට අද (09) දිනයේ දීම නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක ප්‍රකාශ කරයි.

බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවී තිබෙන කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

 



Recommended Articles