සිරකරුවන් 933කට ජනපති සමාව


ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව ප්‍රදානය කරන ලද රාජ්‍ය සමාව  යටතේ 2023.9.12 දිනට යෙදී තිබුණු සිරකරු දිනය නිමිත්තෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත සිරකරුවන් 933 දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම රාජ්‍යය සමාව යටතේ සිරකරුවන් 926ක් සහ සිරකාරියන් 07දෙනෙකුද නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින සිරකරුවන්, 2023.09.12 දින වන විට සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ශේෂය අහෝසි කිරීම ඇතුළු හේතූන් කිහිපයක් මත මෙසේ සිරගත වූවන් උදෙසා මෙම සමාව ප්‍රදානය කර ඇත.



Recommended Articles