සියලුම ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්


සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

තවදුරටත් අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.



Recommended Articles