සියලුම ඉන්ධන මිළ ගණන් ඉහළට


සියලුම ඉන්ධන මිල ගණන් ඊයේ රාත්‍රී සිට ඉහළ නැංවිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. 

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 303

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර  නව මිල රු. 353

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්  ඉහළ දමා ඇති අතර  නව මිල රු. 317 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින්  ඉහළ දමා ඇති අතර  නව මිල රු. 365

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර  නව මිල රු. 195 කි.

 



Recommended Articles