සියලු ඡන්ද දායකයින්ට ස්තූතියි- මැ.කො


ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණි සියලු ඡන්ද දායකයින්ට විශේෂයෙන් ස්තුතිවන්ත වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්යව හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්රහකාශ කළේය.

කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඇති කාල සීමාවක් තුළ වුවද සැළකිය යුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන්  කර සිටියේය.

ඒ වගේම සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට සහයෝගය ලබා දුන් සෞඛ්‍ය අංශවලට ද තමන් ස්තුතිවන්ත වන බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය



Recommended Articles