සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයෙත් විවෘතව තැබේ.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් දඹුල්ල, තඹුත්තතෙගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ විවෘත කර තැබෙනු ඇති බවයි.
තොග වෙළෙඳාම් සඳහා පමණක් විවෘතව තැබුණ ද අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්ට සහ ජංගම අලෙවි රථ සඳහා ද සිය අවසර පත්‍රය ඉදිරිපත් කර ආර්ථික මධ්‍යස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී

