සියදිවි හානිකරගත් තරුණයාට කොවිඩ්


නිවස තුළම ඇඳ ඇතිරිල්ලකින්  ‍ජනේලයක එල්ලී  වැලළාගෙන  සිටි 37හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහය  පීසීආර් පරික්ෂණයට ලක්කිරීමේදී ඔහු කොවිඩ් 19  ආසාදිතයෙක් බව අද තහවුරු වී තිබේ .

බදුල්ල මයිලගස්තැන්න  නිවසක  ගෙලවැළාගෙන මරණයට පත්ව සිටි  මෙම පුද්ගලයාගේ දේහය   බදුල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඩී.එම් .ලීලාරත්න මහතා ගේ නියෝගය මත බදුල්ල පොලිසිය   විසින්  බදුල්ල මහ‍රොහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන විත් තිබිණ .

අවිවාහකයෙක් වන මරණකරු දෙමාපියන් සමග තරහවී ලොකු තාත්ගේ නිවසේ ජීවත්ව ඇති බවත්  මත්ද්‍රව්‍ය චෝදනා තිබූ අයෙක් බවත් පරික්ෂණ වලදී අනාවරණය විනැයි හදිසි මරණ පරීක්ෂක  ලීලාරත්න මහතා  පැවසීය .

පාලිත ආරියවංශ



Recommended Articles