සිමෙන්ති ගේන්නත් ඩොලර් නෑ


 “සිමෙන්ති ගැටලුව ගැන මම සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂවරයාට කතා කළා. එතුමා කියනවා සිමෙන්ති ගෙන්වන්න විදියක් නැහැ අපට සිමෙන්ති ගෙන්වන්න ඩොලර් නැහැ කියලා .දැනට ලංකාවේ තියෙන්නේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65 % ක් පමණයි.

මේ අනුව සිමෙන්ති හිගයක් තියෙනවා. මේ තත්වය මත මං හිතන්නේ නොවැබර් 15 වන විට අපට එක සංවර්ධන ව්‍යාපෘතියක්වත් කරන්න බැරිවෙයි.

ඒනිසා  සිමෙන්ති කොට්ට් තිස් හතලිස් දහසක් පමණ වෙනත් මොකක්හරි ක්‍රමයකින් ගෙන්නවන්න වැඩ පිළිවෙළක්  යොදන්න ඕනෑ ”යැයි  කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28දා) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමේදි පැවසීය .

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්  සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණ.

පාලිත ආරියවංශ



Recommended Articles