සිනෝෆාම් එන්නත පානදුරින් දෙයි


චීන පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු සිනෝෆාම් එන්නත් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදීම අද ආරම්භ කිරීමට නියමිතය.

අද පස්වරුවේ එම එන්නත ලබාදීමට නියමිතය. චීනය සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලබාදුන් අතර එයින් 5500ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී තිබේ.

 



Recommended Articles