සිනමාවට වසර 75ක් සහ චිත්‍රපට සංස්ථාවට වසර 50 ක් සපිරේ


ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි. 

චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන්  50වන සංවත්සරය සඳහන් රුපියල් විසිපහක වටිනාකමින් යුතු සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද සිදුකෙරුණ අතර  සුමිත්‍රා පීරිස් මහත්මියට ගෞරව සම්මානයක් ද පිරිනැමිණි.

 



Recommended Articles