සිදුව විදුහලක ගුරුවරියකටත් කෝවිඩ්


සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරයි.

ඉන් බහුතරය කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආඬිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන වසර සිසුන්ට ඉගැන්වූ ගුරුවරියක සොයා ගෙන තිබේ .

එම හේතුවෙන් අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකර තිබේ. 

 



Recommended Articles