වියළි කාලගුණයත් සමග ජලය සිදෙමින් පවතින මොරගහකන්ද සහ කළුගග ජලාශ වල අභ්‍යන්තර ප්‍රදේශ වෙත ගමන් කිරිමෙන් වලකින ලෙස මහවැලි අධිකාරිය නිවේදනය කරයි.
රොන් මඩ සහ පැරණි ගොඩනැගිලි මතුවී ඇති කළුගග ජලාශයේ පතුලෙහි සංචාරය කරන තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් සම්බන්ධයෙන් අප කල විමසීමක දි කළුගග සහ මොරගහකන්ද ජලාශභාර ඉංජිනේරු පි.එස්.බණ්ඩාර මහතා කියා සිටියේ මහවැලි රක්ෂිත ප්‍රදේශ වෙත ඇතුලුවිමට අවසර නොමැති බවයි.
එමෙන්ම ජලය සිදු ඇති ජලාශ පතුලෙහි මඩ වගුරු මෙන්ම දිරාගිය ශාක කොටස් පවතින බවත් විවිධ වනසතුන් ද සිදි ගිය ජලාශ ආසන්නයේ සැරිසරණ බවත් මෙම තත්ත්වයන් හමුවේ මහජනතාවට සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම සදහා අදාල කලාප වලට ඇතුල් නොවන ලෙස හෙතෙම ඉල්ලිමක් කළේය.
මේ අතර ඊයේ (14) දින වන විට කළුගග ජලාශයේ සමස්ථ ජල මට්ටමෙන් ඉතිරිව ඇත්තේ 53% ක් බවත් මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ධාරිතාවෙන් 70% ඉතිරිව පවතින බවත් බණ්ඩාර මහතා කියා සිටියේය.
ඉදිරි වගා කන්න සදහා මෙම ජල මට්ටම් වල ප්‍රමාණවත්ද යන්න සම්බන්ධයෙන් කල විමසීමක දී හෙතෙම කියා සිටියේ ඉදිරි කන්නයෙන් පසු එළඹෙන කන්න සදහා වර්ෂාව නොලැබුනහොත් වගා කටයුතු සදහා බලපෑමක් ඇතිවිය හැකි බවයි.



