සිටි බස් සේවය නතරකරපු සභාපතියි අධ්‍යක්ෂ මණ්ඩලයයි ගෙදර යවයි


ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම තනතුරුවලින් ඉවත්වන ලෙස විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ආරම්භ කළ සිටි බස් සේවාව අමාත්‍යවරයාට නොදන්වා නතර කිරීමට කටයුතු කිරිම හේතුවෙන් ඔවුන්ට මෙසේ සිය නතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී තිබේ.

මෙම බස් සේවාව මගින් හයිලෙවල් මාර්ගයේ මාර්ග තදබදයට විසඳුමක් ලැබුණ අතරම වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරිමට හැකිවූ බවද අමාත්‍යවරයා යොමුකළ ලිපියේ සඳහන් වෙයි. 



Recommended Articles