සිකුරාදාත් දේශීය සම්ප්‍රේෂණ චීනයෙන් වාර්තා නොවෙයි


සිකුරාදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය අධිකාරිය සෙනසුරාදා කියා සිටියේය.

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ටියැන්ජින් පළාතෙන් වාර්තා විය.

කොවිඩ් 19 හේතුවෙන් මරණ කිසිවක් සිකුරාදා දිනයේදී වාර්තා වී නොමැත.

සිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 53 දෙනෙකු රෝහල්වලින් මුදා හැර ඇති අතර අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 15ක් දක්වා තිදෙනෙකුගෙන් අඩුවිය.

සිකුරාදා වන විට ප්‍රධාන භූමියේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 82,887 ක් වන අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 208 කි. සුවය ලැබීමෙන් පසු මුදා හරින ලද පුද්ගලයින් සංඛ්‍යාව 78,046 කි. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 4,633 කි.

 



Recommended Articles