සිකුරාදාත් චීනයෙන් කොවිඩ් මරණ වාර්තා නොවෙයි


බීජිං, අප්‍රියෙල් 18 (ෂින්හුවා) - සිකුරාදා දිනයේදී චීනය තුළ නව කොරෝනා ආසාදිතයන් 27 ක් වාර්තා වී ඇති අතර එයින් 17ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.

අනෙක් රෝගීන් 10 දෙනා දේශීයව සම්ප්‍රේෂණය වූවන් වෙයි. මෙම රෝගීන් හයිලොංජියැං පළාතේද, ගුවැන්ඩොං පළාතේද, සිචුවාන් පළාතෙන්ද වාර්තා වී තිබේ.

සිකුරාදා චීනයේ කිසිදු මරණයක් වාර්තා නොවීය. සිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 85 දක්වා අඩු වී තිබේ.

සිකුරාදා වන විට ප්‍රධාන භූමියේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,719 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 1,058 කි. සුවය ලැබීමෙන් පසු මුදා හරින ලද පුද්ගලයින් සංඛ්‍යාව 77,029 ක් වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 4,632 කි.

 



Recommended Articles