සිකුරාදා වෙන් කළත් සෞඛ්‍යට ඉන්ධන නෑ


සෞඛ්‍ය අංශයේ සේවය කරන  කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දින දිවයින පුරා  පිරවුම්හල් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි ලෙස ඔවුනට ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවිය.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් තම පිරවුම්හල සිකුරාදා දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන්කර ඇති බවක් නොදන්නා බව එහි රැඳි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබේ.

තවද ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබිණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වේ.



Recommended Articles