සිංහයාට ආසාදනය වී ඇති වෛරස ප්‍රභේදය ගැන සොයයි


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය  ශරීරගතව ඇති බවට තහවුරු වීම සම්බන්ධයෙන් වැඩිදුරට  පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව එම සිංහයාට ආසාදනය වී ඇත්තේ මනුෂ්‍යයින්ට ආසාදනය වූ කොවිඩ්  වෛරස ප්‍රභේදයක් ද යන්න පිළිබඳ තහවුරු කරගත යුතු ඇති බවද  අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එසේම සිංහයාගේ ශරීරයට වෛරසය ඇතුළු වූ ආකාරය සහ සත්වෝද්‍යානය සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද මේවනවිට  පරීක්ෂණ සිදු කරමින් පවතින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.



Recommended Articles