සිංගප්පූරු ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් වාර වැඩි කරයි


ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සේවා ආරම්භ කර   වසර 52 ක් 2026 වසර වනවිට සපුරා  ඇති සිංගප්පූරු ගුවන් සේවය , 01/06 දින සිට සතියකට දින 03 ක් , දහවල් කාළයේත් තවත් එක් ගුවන් ගමන් වාරයක් ද ආරම්භ කළ බව සිංගප්පූරු ගුවන් සේවයේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .

මේ වනතෙක් සතියේ දින හතේම දිනපතා සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට රාත්‍රී 11.30 ට නවීනතම බෝයිං - 787 - 10 ඩ්‍රීම් ලයිනර් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත්  මීට අමතරව 01/06 දින සිට සතියේ සෑම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින 03 තුළ ද  උදෑසන 10.45 ට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් තොටුපොළ වෙත ඒ.- 350 - 900 විශාලතම මගී ගුවන් යානයක් සේවයේ යොදවා තිබේ .

ඒ අනුව දහවල් කාළයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය ලෙස සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 463 දරන ගුවන් යානය 01/06 දින උදෑසන 10.45 ට ගුවන් මගීන් 210 ක් , ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 12 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව එම ගුවන් යානය 01/06 දින පස්වරු 12.45 ට ගුවන් මගීන් 276 ක් , ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 14 ක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේය .

මෙම සිංගප්පූරු ගුවන් සේවය එළඹෙන මැයි මාසයේ සිට සතියේ දින හතේම , දිනපතා ගුවන් යානා දෙක බැගින්  දහවල් සහ රාත්‍රී කාළයේ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .



Recommended Articles