සිංගප්පුරුවේ සිටි තවත් ලාංකිකයින් 94 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ  ගුවන් යානය අද (24) දින සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස රැගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානය අද දින සවස 5.07 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .



Recommended Articles