සිංගප්පුරුවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට


සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12)  දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන්යානය තුළ ව්‍යාපාරික පංතියේ 17 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 263 දෙනෙකු ද , කුඩා දරුවන් 03 දෙනෙකු ද අසුන් ගෙන පැමිණ සිටියහ .

මෙම ගුවන් මගීන් පිරිස අද  දින සවස 5.06 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය කෙරුණි .



Recommended Articles