සෑම වසරකම ලංකාවේ 3500ක් දිවි නසා ගනියි


පසුගිය වසර 10 තුළ මෙරට දත්ත අනුව සෑම වසරකම 3100 ක් 3500 ක් පමණ ප්‍රමාණයක් සියදිවි නසාගැනීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ (මානසික සෞඛ්‍ය) වෛද්‍ය එරංගා රාජපක්ෂ මෙහිදී පැවසීය.

එසේම සෑම තත්ත්පර 40 කට වරක් ලොව කොතැනක හෝ සියදිවි නසා ගැනීමක් වාර්තා වන බවත්, එම සංඛ්‍යාව වසරකට 720,000 කට වැඩි බවද ඇය පැවැසීය.

මෙම ජිවිත බේරා ගැනීමට වගකීමක් සහ හැකියාවක් සමාජය සතු වන බවත් මානසිකව ශක්තිවත් ජීවන නිපුණතාවයන්ගෙන් 
පරිපූර්ණ දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ජාතික මානසික
 සෞඛ්‍ය විද්‍යායතනය මගින් ක්‍රියාත්මක වන බවද ඒ මහත්මිය පැවසීය.



Recommended Articles