සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්?


ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ වයස අවුරුදු 16 ට හෝ ඊට පෙර එම අංකය සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ළමා අයිතිවාසිකම් සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කරන බවයි.

මෙම වැඩසටහන මඟින් ළමයින්ට මෙන්ම රටේ අනාගත පරම්පරාවට ද ප්‍රතිලාභ සැලසෙන ප්‍රධාන කරුණු 5 ක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

  • මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුළ ඇතිවීම.
  • ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකිවීම.
  • දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.
  • දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිත කිරීම.
  • සීමිත සම්පත් දරුවන් වෙත ලබාදීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීම.

 



Recommended Articles