සෑම ක්ෂේත්‍රයකටම ජනාධිපති කාර්ය බලකායන් පත්කරනවා - සජිත්


තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව සෑම ක්ෂේත්‍රයක් සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමාදාස මහතා අද (08) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ජනාධිපතිධූරයට පත්වූ වහාම සෑම ක්ෂේත්‍ර සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර රාජ්‍ය සේවයේ දුර්වලතා, ගැටළු හා විශමතාවන් විසඳීමට කටයුතු කරනවා. එසේම ආරක්ෂක ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම වැටුප් විශමතාවන් සහ උසස්වීම් ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරනවා”

 



Recommended Articles