සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය මහජන සහාය ඉල්ලයි


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරගෙන යනු ලබන අපරාධ විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ සැකකරු වැඩි වශයෙන් වැලිකඩ, රාජගිරිය, පැලවත්ත හා බත්තරමුල්ල යන ප්‍රදේශවල ගැවසී ඇති බවට තොරතුරු ඇති බවය.

එම සැකකරුගේ CCTV දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූපයක් ද පොලීසිය විසින් නිකුත් කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එම දුරකථන අංක,

071 – 8591762 071 – 8594921 071 - 8594913


 

 



Recommended Articles