සැකකටයුතු මරණ දෙකක්


ඊයේ (27දා) දහවල් කාළයේදී හම්බන්තොට පොලිස් වසමේ පැරණි බූන්දල මාර්ගයේ ගෙලෙහි කැපුම් තුවාල සහිතව පිරිමි පුද්ගලයෙකු මියගොස් සිටින බවට හමබන්තොට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ෂණයක් ආරම්භ කරන ලද බව පොලිසිය නිවේදනය කරයි.

 මරණකරු වයස අවුරුදු 30 කන පමණ පුද්ගලයෙකු වන අතර අනන්‍යතාව මෙතෙක් අණාවරණය වී නොමැති බව පොලිසිය නිවේදනය කරයි.

මීට අමතරව ඇලපාත පොලිස් වසරේ නිරිඇල්ල ප්‍රදේශයේ ඇලක කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසේ.



Recommended Articles