සැකකටයුතු මරණ තුනක්


සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයේ දර කැඩිමට ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් තිබේ. අවුරුදු 72ක් වන පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණි.

පුවරසන්කුලම්, මනියර්කුලම් වැවේ වාන් දොරටුව අසළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මරණකරු අවුරුදු 28ක් වන පුවරසන්කුලම් පදිංචිකරුවෙකි.

වරකාපොල, වේවැල්දෙණිය ප්‍ර දේශයේදී කොළඹ නුවර මාර්ගයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. අවුරුදු 65ක් වන යාචක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

 



Recommended Articles